
පිරිමි දරුවෙකු පැහැර ගත් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට
දහසය හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව හෝමාගම ඒකකයේ සේවය කරන අයෙකු සහ මීගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි
ඇඹිලිපිටියේ පල්ලේගම ප්‍රදේශයේ නිවසක පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර දරුවෙකු මෝටර් රථයකින් පැහැරගෙන යන බවට ඇඹිලිපිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මෝටර් රථය ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිට දී නවතා පරික්ෂා කිරීමේදී ඒ තුළ පුද්ගලයන් සිව් දෙනකු සහ පැහැර ගැනීමට ලක් වූ දරුවා සිට ඇතැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා පරකඩුව මෙන්නර පිටිය සහ පද්බේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 හා 31 අතර පසුවන්නන්ය