ත්‍රීරෝද රථයෙන් හමුවූ මිය ගිය බිලිඳාගේ මව සහ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට

ත්‍රීරෝද රථයෙන් හමුවූ මිය ගිය බිලිඳාගේ මව සහ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට

ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් පිටුපස පොහොර උරයක දමා තිබී බිළිඳියකගේ මළ සිරුරක් අද (10) ආගරපතන පොලිසියට හමුවී තිබුණා.

එහිදී මියගිය බිළිඳියගේ මව සහ ත්‍රීරෝද රථ රියදුරා අද (10) දින ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි අවිවාහක කාන්තාවක් වන අතර ඇය 28 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථ රියදුරා විවාහක අයෙකු බවත්, ඔහු එක්දරු පියෙකු බවත් ආගරපතන පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකාර මව මාවනැල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටිය දී සැකකාර ත්‍රීරෝද රථ රියදුරා ඔහුගේ සහෝදරයෙකුට අයත් ත්‍රීරෝද රථයකින් ඊයේ දින (09) මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකාර මව ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායට රැගෙනවිත් තිබෙනවා.

දින කිහිපයකට ප්‍රථම බිළිඳිය ප්‍රසුත කර ඇති අතර බිළිඳියගේ ගෙල වටා වයර් කැබැල්ලක් තිබීම හේතුවෙන් පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු එය ඝානයක් බව අනාවර්ණය වී තිබෙනවා.

ත්‍රීරෝද රථයේ තිබී හමු වු බිළිඳියගේ මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නුවරඑළිය වැඩ බලන මහෙස්ත්‍රාත් විජේවික්‍රම මහතා විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා

COMMENTS