රන් මිශ්‍ර ලෝහ කැටයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

රන් මිශ්‍ර ලෝහ කැටයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

පුරා වස්තු සහිත ස්ථානයක කැනීම් කර ලබාගත් රත්‍රං මිශ්‍ර වටිනා ලෝහ කැටයක් විකිණීමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් ව තිබේ.

විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශ ලබා දුන් තොරතුරකට අනුව ගිරිබාව සගබෝපුර වරාවැව ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබේ.

පුරාවස්තු සහිත ස්ථානයක කැනීම් කර ලබා ගත් බවට සැක කෙරෙන කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 854 ක බරින් යුත් රත්‍රං මිශ්‍ර ලෝහ කැටයක් එහිදී සොයා ගැනුනා.

එය සන්තකයේ තබාගෙන සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400 ක් ද සොයා ගත් බවයි වැටලීම සිදු කළ නිලධාරීන් සඳහන් කළේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගිරිබාව පොලිසි ස්ථානය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

Share This