නිකේතනයක් තුළ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා 3ක් අත්අඩංගුවට

නිකේතනයක් තුළ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා 3ක් අත්අඩංගුවට

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත ඊයේ (06) දින දවුලගල පොලිස් වසමේ ගඩලාදෙණිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ රහසිගතව පවත්වා ගෙන ගිය ගණිකා නිවාසක් වටලා තිබෙනවා.

එහිදී මෙම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකරුවෙක් සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 68ක් වන පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් අවුරුදු 35 සහ 48 වයස්වල පසු වන දෙවනගල හා මුරුතලාව යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.