
බිලියනයක මත්පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ වෑන් රථයකින් නීතිවිරෝධී වේදනා නාශක පෙති විශාල තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ද භාවිත කරන මෙම පෙති තොගයේ වටිනාකම රුපියල් බිලියනයක් පමණ වන බවට ගණන් බලා ඇතැයි පැවැසේ.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් මත්පෙති නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙරටට රැඟෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව කොළඹ – මීගමුව ප්‍රධාන මාරගයේ කොප්පරා හන්දියේදී වෑන් රථයක් පරික්ෂා කර තිබුණි.
එහි තිබී රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති ලක්ෂ 05ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු,ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය සහ එම වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවීම් නියෝග මත වැඩිදුර විමර්ශන ආරම්භ කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.