චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස බන්ධනාගාරයට ගිය ජේලර්වරයෙක් අත්අඩංගුවට

චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස බන්ධනාගාරයට ගිය ජේලර්වරයෙක් අත්අඩංගුවට

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම නියාමකවරයා බන්ධනාගාර විශේෂ අංශයේ රාජකාරි සඳහා යාමට පැමිණිමේදී කල සෝදිසි මෙහෙයුමකදී වයර් එකක් සවි කරන ලද ආවරණය ඉවත් කල චාජර් කොටසක් හා ඩේටා කේබලයක් සුක්ෂම අකාරයෙන් හිස්වැසුම හිල් කර ඇතුළට දමා සඟවා  තිබිය දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත්  නියාමකවරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කර ඇත