කිරිබත්ගොඩ ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 8ක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 8ක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ ප්‍රදේශයේ බලපත්‍ර රහිතව නීති විරෝධීව සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් අට දෙනකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිශාන්ත ජයවර්ධන මහතාට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පොලිස් උපාය දූතයකු ඔස්සේ මේ වැටලීම සිදු කර තිබේ.

එහිදී එක් සම්බාහන මධ්‍යස්ථානයක කාන්තාවන් පස් දෙනකු හා අනිත් සම්බාහන මධ්‍යස්ථානයේ කාන්තාවන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 24 ත් 45 ත් අතර වියේ පසුවන මීමුරේ, අම්පාර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, පදවිය, මට්ටක්කුලිය සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව සඳහන්.

අත්අඩංගුවට ගත් අදාළ කාන්තාවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිසියට භාර දී තිබෙනවා.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන කුලසිංහ (10789) සහ රත්නායක (90071) යන නිලධාරීන් දෙදෙනා ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්.