අති නවීන පිස්තෝලයක් සහ උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට

අති නවීන පිස්තෝලයක් සහ උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට

බඩල්ගම සිදු කළ සෝදිසි මෙහෙයුමක දී චෙක් ජනරජයේ නිෂ්පාදිත අති නවීන පිස්තෝල වර්ගයේ අවියක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ අවියට භාවිතා කළ හැකි පතොරම් ගැබක් සහ මි.මී. 09 වර්ගයේ ජීව උණ්ඩ 75 ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඔහු බඩල්ගම, අකරන්ගහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයෙක්.