ඇඟ සුදුකරන කිරිපිටි තොගයක් රේගුවේදී අත්අඩංගුවට

ඇඟ සුදුකරන කිරිපිටි තොගයක් රේගුවේදී අත්අඩංගුවට

සිරුර පැහැපත් කිරීම සඳහා යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටිං තොගයක් නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් බවයි රේගු නිලධාරීන් පවසන්නේ.

අද උදෑසන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මෙම නීතිවිරෝධි කිරිපිටි ටිං 179ක් මෙරටට රැගෙනවිත් තිබුණා.

මොවුන් අතුරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් තැනැත්තිය කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව එම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.