හදිසියේම කෝටිපතියන් වූ සංගීත කණ්ඩායමක තිදෙනෙක් අත්අඩංගුවට

හදිසියේම කෝටිපතියන් වූ සංගීත කණ්ඩායමක තිදෙනෙක් අත්අඩංගුවට

හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තුන් දෙනෙකු යාපනයේ කෝපායී පොලීසිය විසින් ඊයේ (7)   අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේදී ගායක ගායිකාවන් තුන් දෙනෙකු එකතු වී සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති අතර, ඔවුන්ගේ බැංකු ගිණුම් වලට රුපියල් කෝටි ගණනින් මුදල් බැර වන බව වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය වෙනත් පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරගෙන යාමේදී මේ ගායක ගායිකාවන් තුන් දෙනාට රුපියල් කෝටි ගනනින් මුදල් ලැබෙන බව පෙනී ගොස් ඇත.

ගායික ගායිකාවන් තුන් දෙනාගෙන් එක් අයෙකු වවුනියාවේද දෙදෙනෙකු යාපනයේද නිසා වවුනියාව පොලීසිය මේ සම්බන්ධයෙන් කෝපායී පොලීසිය දැනුවත් කොට ඇත.

පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී මේ ගායික ගායිකාවන් තුන් දෙනා ඉතාම කෙටි කාලයකදී කෝටිපතියන් බවට පත්ව ඇති බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.

මේ තුන් දෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ගේ බැංකු ගිණුම් වලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ගලයින් පිළිබදව සම්පූර්ණ විස්තරයක් ප්‍රකාශ කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.

මේ නිසා පොලීසිය යාපනය අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝගයක් මත ඔවුන් තුන්දෙනාව රදවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.