ලක්ෂ 40ක නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ලක්ෂ 40ක නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ගුවන්තොටුපලින් පිටතට රැගෙන යමින් තිබූ විදේශ දුම්වැටි තොගයක්, අදාළ ගුවන් මගියා සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි වටිනාකම රුපියල් හතලිස් ලක්ෂ පනස් දහසක් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ.

බුඩායි රාජ්‍යයේ සිට අද අලුයම පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගමන්මලු දෙකක් තුළ දුම්වැටි 27,000 ක ප්‍රමාණයක් රැගෙන විත් තිබුණා.

සැකකරු පොලිස් ඇප මත මුදා හැරුණු අතර සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.