කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10ක මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පොලිස් භාරයට ගත් බව පැවසේ.

රුපියල් ලක්ෂ 85ක මුදලකට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් විකිණීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරකට අනුව එය මිලදී ගන්නා මුවාවෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියා සිටියා

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අයත් බවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් මිහිජය සෙවන මහල් නිවාසයේ සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.