ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 04ක් අත්අඩංගුවට

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 04ක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ අල්විස් ඇවනිව් පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා අතර, ගණිකා සේවයේ යෙදීමේ අරමුණින් රැදී සිටි තරුණියන් තිදෙනෙක් ද වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරු එම ගණිකා නිවාසයේ කළමනාකරු ලෙස කටයුතු පුද්ගලයා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එම සැකකරු වයස අවුරුදු 46ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් තිදෙනා 28, 29 සහ 34 යන වයස්වල පසුවන වැල්ලවාය, කොළඹ 04 සහ වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචිකාරියන්.

ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.