
ජනපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ජීප් රථයක පුපුරණ ද්‍රව්‍ය තොගයක් – දෙදෙනෙක් අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව රාජකාරි කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබලෙකු සහ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිදිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් ජීප් රථයේ තිබී වෝටර් ජෙල්කූරක්, ඇමෝනියා කිලෝවක්, සේවා නූලක්, පේන්ට් රිමුව බෝතල් තුනක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.