පාර්ලිමේන්තුව අවට සම්බාහන මධ්‍යස්ථාන වටලා 33 ක් අත්අඩංගුවට
පිළිගත් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන්තාවන් විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 ක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
එම සම්බාහන ආයතන වල රැඳී සිටි පිරිමි පුද්ගලයන් තිදෙනෙකුද ඒ අතර වන බව පොලිසිය කියයි.
සෙසු පුද්ගලයන් අතර විවෘත වරෙන්තු ලද පුද්ගලයන් තිදෙනෙක්, සැකපිට පුද්ගලයන් සිව් දෙනෙක්, නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් මෙන්ම තීරු බදු රහිතව ආනයනය කරන ලද දුම්වැටි 1425ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක්ද ඒ අතර වන බව පොලිසිය සඳහන් කරයි.
දක්ෂ පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් රජයේ ලියාපදිංචි සම්බාහන ආයතන බවට නීති විරෝධී අකාරයෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර පාරිභෝගිකයන් මුලාකර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශවල හතු පිපෙන්නාක් මෙන් දිනෙන් දින ආරම්භ කර තිබෙන සම්බාහන ආයතන හා සැකකටයුතු ස්ථාන සම්බන්ධයෙන් ඊයේ (29) සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.