ආදායම් බදු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් එකතු කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ආදායම් බදු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් එකතු කළ දෙදෙනෙක් අත්අඩංගුවට

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස මුදල් එකතු කළ දෙදෙනෙක් අලුත්ගම, දර්ගා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වෙළෙඳසැල්වලින් මුදල් එකතු කරමින් සිටියදී ප්‍රදේශවාසීන්ට ඔවුන් පිළිබඳව ඇතිවූ සැකයක් මත අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව අලුත්ගම පොලිසිය පවසයි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පෙනී සිටිමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

COMMENTS