අල්ලස් ලෙස වායු සමීකරණ යන්ත්රයක් ඉල්ලූ මීගමුවේ පොලිස් ලොක්කෙක් මාට්ටු
පුද්ගලයකුගෙන් රුපියල් 270000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මීගමුව දළුපොත සිර කඳවුර පාර පදිංචි පුද්ගලයකුට අයත් මෝටර් රථයක් පුද්ගලයන් දෙදෙනකු විසින් කුලී පදනම මත ලබාගෙන අස්ථානගත කිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකාර ප්රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරුවන් සහ එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එම කාර් රථය අධිකරණයෙන් මුදා ගැනීමට පැමිණිලිකරුගෙන් මෙම සැකකාර නිලධාරියා විසින් රුපියල් 270000 ක් වටිනා වායු සමීකරණ යන්ත්රයක් ඉල්ලා ඇති අතර එම යන්ත්රයට අදාළ මුදල් පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ඊට අදාළ රිසිට් පත මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේදී සැකකාර නිලධාරියා වෙත ලබාදීමේදී එහි රැක සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.