නගර සභා සේවකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අල්ලයි
දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා පොලිසියේ වසරක කාලයක් සේවය කර ඉන් ඉවත් වූ චරියා නැමැති අවුරුදු 27 පුද්ගලයකු සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 පුද්ගලයෙකි.
ඉකුත් සැප්තැම්බර් 20 දින සිදුකළ එම වෙඩි තැබීමෙන් ගුණාලංකාර පාර, කලුබෝවිල, දෙහිවල ලිපිනයෙහි පදිංචිව සිටි නාරාහේන්පිටගේ අනුර කොස්තා නමැති දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු ජීවිතක්ෂයට පත්විය.
බඩෝවිට කොස් මල්ලි සහ බඩෝවිට අසංක නමැති අපරාධ කණ්ඩායම් දෙක අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත චූවා සමන්ත නමැත්තාගේ මස්සිනා කෙනෙකු සැකකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම වෙඩි තැබීම සදහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදිය පොලිස් විමර්ශනවලට හසු නොවන පරිදි කොටස් කර තිබූ අතර යතුරුපැදියේ කොටස්, වෙඩි තැබීම සදහා භාවිත කරන ලද ගිනි අවිය සහ ඒ සදහා යොදන උණ්ඩ 8 ක් පොලිස් භාරයට ගෙන ඇත.