හෝටලයක රැඳී සිටි සැක සහිත විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටි සැක සහිත විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුත්තලම, ඉරණවිල ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයක සැකකටයුතු ලෙස රැදී සිටි විදේශීය ජාතිකයින් 10 දෙනෙකු ඊයේ (15) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් විදේශිකයින් අතර මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයින් 04ක්, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවක්, කෙන්යානු ජාතික කාන්තාවක් හා චීන ජාතික පිරිමි පුද්ගලයෙක් සිටි බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අදාළ පිරිස අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා සිදුකරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 20ක්, රවුටර් 03ක් සහ ජංගම දුරකථන 282ක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.