මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය මාර්තු මාසයේ 03 වන දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමග පක්ෂ ආධාරකරුවන් 42ක් සහ වාහන 11ක් ද පොලීස් භාරයට ගෙන ඇත.

ඊයේ (08) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිල්ලක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 12ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

මාර්තු 3 වන දින සිට අද දක්වා වාර්තා වී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 24කි.

එම කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි 99ක් ද වාර්තා වී ඇත.