ත්‍රිරෝද රථ සොරකම් කර විකිණූ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

ත්‍රිරෝද රථ සොරකම් කර විකිණූ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

ත්‍රිරෝද රථ සොරකම් කර විකිණීමේ ජාවාරමක යෙදුණු සංවිධානාත්මක කල්ලියක් වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හත් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරකම් කර චැසි සහ එන්ජින් අංක මෙන්ම වර්ණ වෙනස්කර මෙම ජාවාරම සිදුකර ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.

එම සැකකරුවන් සමඟ රුපියල් කෝටියකට අධික වටිනා ත්‍රිරෝද රථ 13ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

වැලිකඩ සහ වැල්ලම්පිටිය පොලිසිවලට වාර්තා වී තිබූ ත්‍රීරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිකළ තොරතුරු අනුව සැකකරුවන් ඒකල, හෝමාගම, කිරිඳිවැල, කඩවත සහ මහනුවර ප්‍රදේශවලදී අත්අඩංගුවටට ගෙන ඇත.