සරසවි සිසුවියකට නවක වධය දුන් සිසුන් 6ක් අත්අඩංගුවට

සරසවි සිසුවියකට නවක වධය දුන් සිසුන් 6ක් අත්අඩංගුවට

සරසවි සිසුවියකට නවක වදය දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

සමනල වැව පොලිසිය පැවසුවේ, එම සිසුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිසක් බවයි.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු විසිතුන, විසි හතර, විසි පහ වයස් වල පසුවන මොරවක, රුක්ගහවිල, අලුත් තරම, ඉමදූව හා කිතලව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදෙන බවට 1997 දුරකථන අංකයට ලද තොරතුරකට අනුව සමනල වැව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළේය.

ඒ අනුව, එම විශ්වවිද්‍යාලයේ හතර වැනි වසරේ ඉගෙනුම් ලබන සිසුන් හය දෙනෙකු සමනල වැව පොලිසිය වෙත කැඳවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This