රට පුරා සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් ආඥාවක්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් ආඥාවක්

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි.