ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් සිටින සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් සිටින සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබේ.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට රට තුළ නිර්මාණය වී ඇති අපරාධ රැල්ල පසුපස වැඩි වශයෙන් හමුදාවෙන් පලා ගිය සහ විශ්‍රාම ගිය අවි පුහුණුව සහිත පුද්ගලයින් වැඩි වශයෙන් ක්‍රියාකාරීව සිටින බව පසුගිය සෙනසුරාදා ආරක්ෂක ප්‍රධානීන්ගේ මාධ්‍ය හමුවේදී ද ප්‍රකාශ විය.