නව යුද හමුදාපතිවරයා සහ නව නාවික හමුදාපතිවරයා පත්කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබේ.
දැනට එම ධුරයේ කටයුතු කරන ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ සේවා දිගුව හෙටින් (31) අවසන් වීමට නියමිත අතර ඒ අනුව මෙම නව පත්කිරීම සිදුකර ඇත.
මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
මේ අතර නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබේ.
නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරය හෙබවූ ඔහු කැඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේදී නාවික හමුදාවට එක්වූ අතර, ඔහු බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.