රට පුරා සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ පරිපාලන දිස්ත‍්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (22) සිට ක‍්‍රියාත්මක වන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.