නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී මුදල් කොල්ලකෑ පොලීසියේ 04ක් අත්අඩංගුවට

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී මුදල් කොල්ලකෑ පොලීසියේ 04ක් අත්අඩංගුවට

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකෑ බ්ලූමැන්ඩල් පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ සැරයන්වරයෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නිලධාරීන් ඇතුල් වී ඇත්තේ, මෝදර, මුට්වාල් ප්‍රදේශයේ නිවසකටයි.

මෙම පිරිස අතර උතුරු කොළඹ බුද්ධි කොට්ඨාසයේ බුද්ධි අංශ සාමාජිකයකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.