අර්චුනාගෙන් මෝසමක්

අර්චුනාගෙන් මෝසමක්

පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අධිකරණයට මෝසකමක් මගින් ඉදිපත්වී තමන්ට එරෙහි චෝදනා විභාග කරන්නැයි අනුරාධුර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මගින් ගොනු කළ එම මෝසම සලකා බැලීම අද දහවල් 1.30 දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.