කෝටියක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරීමට සිටි අයෙක් මාට්ටු
රුපියල් කෝටියක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙකු ගිනි අවියක් සහ ජීව උණ්ඩ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පවසයි.
එම සැකකරු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී 56 ගිනි අවි වලට යොදනු ලබන ජීව උණ්ඩ 6 ක් පොලිස් භාරයට ගෙන ඇත.
හබරාදුව මීපේ ප්‍රදේශයේ පදිංචි හෙරොයින් මත්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටින පුද්ගලයකුට අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.