රුපියල් කෝටියක බඩු ගුවන් තොටුපොළින් පිටකරද්දී අත්අඩංගුවට

රුපියල් කෝටියක බඩු ගුවන් තොටුපොළින් පිටකරද්දී අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක 06 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 114 ක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර රැගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මොවුන් 23 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත වී සිටින කොළඹ – 10 මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

ඊයේ අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ලැප්ටොප් පරිගණක සහ ස්මාට් ජංගම දුරකථන තොගය සගවා ගෙන තිබියදී පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS