ඇපල් සමාගමෙන් පෙරලියක්

ඇපල් සමාගමෙන් පෙරලියක්

තම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ.

ඒ, ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar’s BrandZ විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීමකට අනුවයි.

පසුගිය වසරේ සන්නාම වටිනාකමට වඩා මෙම වසරේදී ඇපල් සමාගමේ සන්නාම වටිනාකම සියයට 15කින් වර්ධනය වී තිබේ.

ඇපල් සමාගම මෙම සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ, අඛණ්ඩව තෙවැනි වතාවට වීම ද විශේෂත්වයක්.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දිනා සිටින්නේ, ඩොලර් බිලියන 753ක වටිනාකමකට හිමිකම් කියන ගූගල් සන්නාමයයි.

එහි තුන්වැනි ස්ථානය ඩොලර් බිලියන 713 ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන මයික්‍රොසොෆ්ට් සන්නාමය විසින් හිමි කරගෙන තිබේ.