අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 ක් නාමයෝජනා භාර දෙයි

අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 ක් නාමයෝජනා භාර දෙයි

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 දෙනෙක් නාමයෝජනා භාරදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා පැවසීය.

ඒ අනුව, පෙරවරු 11.30 දක්වා විරෝධතා කාලය සඳහා වෙන් කර ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 22ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබුණි.

අද පෙරවරු 9 ට ආරම්භ වූ නාමයෝජනා භාරගැනීම පෙරවරු 11ට අවසන් වුණි.