අනුර කුමාර වෙනුවෙන් මාලිමාව ඇප තැන්පත් කරයි

අනුර කුමාර වෙනුවෙන් මාලිමාව ඇප තැන්පත් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේ අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ජාතික ජන බලවේගය අද (06) ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කළා.

අද (06) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිය පක්ෂයේ නීතිඥවරුන් සමග පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

මෙම ඇප මුදල් රාජගිරිය පිහිටි මැතිවරණ ලේකම් කාර්‍යාලය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇප බැඳීම සඳහා ජාතික ජන බලවේගයේ සාමාජිකා මන්ත්‍රිනී ආචාර්‍ය හරිනි අමරසූරිය ද එක් ව සිටියා.