අනුර කුමාර සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

අනුර කුමාර සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සංවිධානයේ සාමාජිකයින් හමු වී සාකච්ඡාවක් පැවැත්වුණි.

තම රජය බලයට පත් වීමෙන් පසු ඇසළ පෙරහැර ඇතුළු මෙරට ජනතාවගේ ආගමික හා සංස්කෘතික උත්සව පැවැත්වීමට ඉඩ නොලැබෙන බවට ඇතැම් පාර්ශ්ව විසින් විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන 26 වැනිදා එළි දක්වන බවයි අනුර කුමාර දිසානායක මහතා එම හමුවේදී පැවසුවේ.