අනුරගෙන් ඇමතිවරු 25ක කැබිනට් මණ්ඩලයක්

අනුරගෙන් ඇමතිවරු 25ක කැබිනට් මණ්ඩලයක්

සාමාජිකයින් 25කගෙන් සමන්විත විද්‍යාත්මක බෙදීමක් සහිත කැබිනට් මණ්ඩලයක් තම ආණ්ඩුවක් යටතේ නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වාරියපොල පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

රට අනුරට ජන රැළි මාලාවේ තවත් එක් ජන හමුවක් වාරියපොල නගරයේ දී පැවැත්වුණා.

මේ සදහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියා.