“සජිත්ලා ජාතික සමගිය වෙනුවට ආගම්වාදය, ජාතිවාදය දේශපාලන වේදිකාවට ගෙනත් තිබෙනවා”

“සජිත්ලා ජාතික සමගිය වෙනුවට ආගම්වාදය, ජාතිවාදය දේශපාලන වේදිකාවට ගෙනත් තිබෙනවා”

සමගි ජන බලවේගය, ජාතික සමගිය වෙනුවට ආගම්වාදය, ජාතිවාදය නැවත දේශපාලන වේදිකාවට ගෙනැවිත් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ පාලනයක් පැමිණියහොත් ස්වාමීන් වහන්සේලාට දානය අහිමි විය හැකි බවට ස්වාමීන් වහන්සේ නමක් කර ඇති ප්‍රකාශයට ගරු ස්වාමීන් වහන්සේලා මේ වේදිකාවලට වැඩමකර නිසි පිළිතුරු ලබාදී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් අනුරාධපුරය, කුලියාපිටිය, පන්නල සහ මීරිගම යන නගරවල පැවැත්වූ ජන රැළි අමතමින් ඔහු මේ බව කියා සිටියා.

මීරිගම විජයග්‍රාහී ජන රැළිය ඇමතූ අනුර කුමාර දිසානායක මහතා.

“ඊයේ නැගෙනහිර රැස්වීම් 4 කට ගියා. නැගෙනහිර මුස්ලිම් ජනතාව එකතු වෙනවා.

කාන්තාවන්, අම්මලා එකතු උනා. තරුණ තරුණියන් එකතු උනා.

රනිල්, සජිත් නැගෙනහිරට යන්නේ, අතාවුල්ලා, හකීම් එක්ක.

අපි ගියේ ජාතික සමගිය අරගෙන.

දැන් මුළු රටේම අය තීරණය අරන් ඉන්නවා.

සියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ වෙන දිනය එනවා.

ජාතික සමගිය වෙනුවට සජිත්ලා කැත ආගම්වාදය, ජාතිවාදය නැවත දේශපාලනය වේදිකාවට ගෙනල්ලා.

හාමුදුරුවන්ට දානේ නැති වෙනවළු. ඒකට අපි උත්තර දෙන්න ඕන.

මේ වේදිකාවල ඉන්න සිය දහස් ගනන් ගරු ස්වාමීන් වහන්සේලා ඒකට උත්තර දීලා තියෙනවා.”