අනුර විදානගමගේ ඌව පළාත් ආණ්ඩුකාර ධූරයට

අනුර විදානගමගේ ඌව පළාත් ආණ්ඩුකාර ධූරයට

ඌව පළාතේ හිස්ව තිබූ ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

අනුර විදානගමගේ මහතා දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ මහතා පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.

නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා පසුගිය 04 වනදා තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සටහ‌යෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා පත්කර තිබේ.