ව්‍යාජ අංක තහඩු සැකසීමේ ජාවාරමක් වටලයි

ව්‍යාජ අංක තහඩු සැකසීමේ ජාවාරමක් වටලයි

සීදූව පොලිස් වසමේ මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) උදෑසන කාලයේ එම ස්ථානය වැටලීම සිදුකර තිබුණේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.

අත්අඩගුවට ගත් සැකකරු සියඹලාගහවත්ත, සීදූව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක්.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 03 ක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලාංඡනය සහිත ස්ටිකර් කොලයක්, ජනරජ ලාංඡන 67ක් සහිත ස්ටිකර් කොලයක් සහ අංක තහඩු සකස් කිරීමේදී යොදාගන්නා ස්ටිකර් කොලයක් ඇතුළු දේපොළ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.