ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (22) දහවල් ඔහු මෙසේ මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.

ඔහු ගයනා කළ ගීත බොහොමයක් නත්තල් ගීත වන අතර ඒ අතරින් බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර මහත් සේ ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

එමෙන්ම, සීතල සඳ එළියේ, මා ආදරෙයි නංගියේ, ටිකිරි මලී, හිරු ඉපදෙන විට, අද වෙයි ඉරු දින ආදී ගීත ඔහු ගයනා කළ ජනප්‍රිය ගීත අතර වේ.