අගුණකොලපැලැස්සෙන් රැඳවියෝ 4ක් පැන ගිහින්

අගුණකොලපැලැස්සෙන් රැඳවියෝ 4ක් පැන ගිහින්

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් හතර දෙනෙකු අද (01) පලාගොස් ඇති බව අගුණකොලපැලැස්ස පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, බන්ධනාගාරයේ එළිමහන් වැඩ සදහා යොදවා සිටියදී මෙම රැදවියන් හතර දෙනා පලාගොස් ඇති බවයි.

මෙලෙස පලාගොස් ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීමේ නඩුවලට සිර දඬුවම් විදිමින් සිටි අම්බලන්තොට ලුණම කොළණිය පාරේ පදිංචි කරුවෙකු , කතරගම ගෝතමීගම පරණ බුත්තල පාරේ පදිංචි කරුවෙකු ,අම්බලන්තොට වලව මැදගම පාරේ පදිංචි හෙරොයින් ළඟ තබාගැනීමේ සහ ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට වැරදිකරුවෙකු වූ අයෙකු සහ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවූ අම්පාර මිහිදුපුර පදිංචි කරුවෙකු යන සිව්දෙනායි.