බාල ඖෂධ ගෙන්වූ සිද්ධියේ එක් විත්තිකරුවෙකු අංගොඩ මානසික රෝහලට

බාල ඖෂධ ගෙන්වූ සිද්ධියේ එක් විත්තිකරුවෙකු අංගොඩ මානසික රෝහලට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා ජනවාරි මස 15 වැනිදා දක්වා බන්ධනාගාර මගින් ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් නදීරා කුමාරි බෝගහදෙණිය මහත්මිය අද (01) නියෝග කළා.

සැකකරු බන්ධනාගාරය මගින් අද අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් ඉදිරිපක් කරන ලද වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එය සලකා බැලු අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් මානසික ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යොමු කරන ලෙස විත්තිකාර පාර්ශ්වය ගැන දැනුම්දෙමින් නියෝග කළාය.