සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන්ගේ සහාය ජනපති රනිල්ට

සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන්ගේ සහාය ජනපති රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ජනාධිපතිවරයාට සහාය පළකරන බව ප්‍රකාශ කර තිබේ.

කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි ඔවුන් ජනපතිවරයා හමුවී මෙලෙස සහාය පළ කිරීමට එක්වී තිබේ.

අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරමින් 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ අතර, 2015 වසරේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

එමෙන්ම, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල 2015 වසරේ දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.