ජපානයට ප්‍රභල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජපානයට ප්‍රභල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

රික්ටර් මාපක ඒකක 6.8 ක පරිමානයේ ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹි තිබේ.

භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුඩා ප්‍රමාණයේ සුනාමි රළ වෙරළ තීරයටකඩා වැදුණු නමුත් ඒවායින් හානියක් සිදු නොවුණු බව මාධ්‍ය වාර්තා කර ඇත. භූමි කම්පාව හටගත්තේ මියාසාකී පළාතට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 36 ක් ගැඹුරින් බව පැවැසෙයි.