නැගෙනහිර සංචාරක කලාප යා කරමින් අභ්‍යන්තර ගුවන් සේවයක්

නැගෙනහිර සංචාරක කලාප යා කරමින් අභ්‍යන්තර ගුවන් සේවයක්

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා පළාතේ සංචාරක කලාප යාකරමින් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට නියමිතය.

ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කරන මෙම අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව තුළින් ත්‍රිකුණාමලයේ “නිලාවේලි” මඩකලපුවේ “පාසිකුඩා” හා අම්පාරේ “අරුගම්බේ” යන සංචාරක කලාප තුන යාකෙරේ.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.

මේ අනුව, පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති එම්.පී. මදනවාසන් හා රුසියාව මූලස්ථානය කරගත් ජාත්‍යන්තර ගුවන් අභ්‍යාවකාශ සමාගමේ සභාපති Shugarev Sergey Nikolaevich යන මහත්වරු මෙම අවබෝධයක් ගිවිසුමට අත්සන් තැබූහ.