ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

මිය යන විට ඇය 82 වැනි වියේ පසු වුණා.

සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ….රන් දොරින් එන්න ආදරේ…වැනි ජනප්‍රිය ගීත රැසක් ඇය ගායනා කර තිබෙනවා.

අමිතා වැදිසිංහයන් ගැයූ බොහොමයක් ගීත බෞද්ධ රසයක් උපදවන ගීත වන අතර, කන්ද උඩින් හඳ පායන ලීලා, පණ්ඩිත් අමරදේවයන් සමග ගැයූ අනෝතත්ත විල වැනි ගීත ද වැඩි ජනප්‍රියත්වයකට පත් වූ ගීත අතර වනවා

ඇය ගුවන්විදුලි සංස්ථාවේ ශ්‍රේණිගත ගායිකාවක්.