අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු වයස අවුරුදු 30ක් පමණ වන කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් භාවිතා කර ඇති බවත් දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබේ.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.