ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන දිනය

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන දිනය

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වෙන දිනය අද (12) දහවල් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 2024 වර්ෂයට නියමිත පුංචි ඡන්දය ඔක්තෝබර් 26 වැනි දින පැවැත්වෙනු ඇති.

ඊයේ (11) මධ්‍යාහ්න 12 න් පසුව මැතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ මෙවර පුංචි ඡන්දය සඳහා තරග කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් ද්විත්වයක් එක් ව සිටින බවයි.

මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද දින පෙරවරු 09 සිට ඇරඹුණා.

එවන් පසුබිමකදියි මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔක්තෝබර් 26 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බවට දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.