ඇල්පිටිය ප්‍රා.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට

ඇල්පිටිය ප්‍රා.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව අද භාර දෙන තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු තැපැල් දෙපාර්තමේන්තුව විසින් රජයේ ආයතන වලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම ලබන 14 දා රාජ්‍ය ආයතනවලදි සිදු වන බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.