අල්ලස් කොමිසමෙන් ඇල්ලූ සුඛෝපභෝගී වාහන 5 ක් රේගුවට භාරදෙන්නැයි නියෝග

අල්ලස් කොමිසමෙන් ඇල්ලූ සුඛෝපභෝගී වාහන 5 ක් රේගුවට භාරදෙන්නැයි නියෝග

රුපියල් කෝටි හත්සීයක රේගු බදු රටට අහිමි කරමින් මෙරටට ආනයනය කළ අධි සුඛෝපභෝගී වාහන 112ක් අතරින් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වාහන පහක් යළි රේගුවට භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය.

අදාළ වාහන අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය මගින් සහකාර රේගු අධ්‍යක්ෂවරයාට මෙසේ බාර දීමට නියෝග කෙරිණි.

රුපියල් කෝටි හැටකට අධික වටිනාකමකින් යුත් මෙම වාහන පහ මගින් රුපියල් මිලියන 300 ක රේගු බදු රටට අහිමි කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

අදාළ වාහන පහ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ගොනුකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියෝග කරමින් දන්වා සිටියේය.

Share This