මන්ත්‍රී අලි සබ්රි රජයට අයත් ඉඩමක් බලෙන් අල්ලාගෙන

මන්ත්‍රී අලි සබ්රි රජයට අයත් ඉඩමක් බලෙන් අල්ලාගෙන

පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ ඉඩම පුත්තලම නගරයේ ටෙලිකොම් ආයතනයට යාබදව හා පැරණි අශෝකා සිනමා හලට මැදිව පිහිටි පර්චස් 25 කට ආසන්න ඉඩමක් බව කියයි.

මෙම ඉඩම පසුගිය දිනක මන්ත්‍රිවරයා විසින් මෙලෙස ඔහුගේ බලතල අනිසි ලෙස භාවිතා කරමින් අත්පත් කර ගෙන ඇති බව පැවසේ.

අදාල ඉඩම දැනට පුත්තලම නගරයෙ වානිජ වටිනාකමකින් ඉහලම මිලක් ඇති අදාල ස්ථානයක් බවත් එය මන්ත්‍රිවරයා විසින් තහඩු ගසා ආවරණය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා පවසන්නේ මෙවැන්නකි.

“ඇත්තටම මේ ඉඩම මම අල්ලගෙන නැහැ එයට යාබදව තිබෙන ඉඩම බදු පදනමින් ලබා ගැනිම කළා.එය කලේ මගේ පවුලේ අයට අයත් ඉන්ටර්නැෂනල් සමාගමක වාහන වාහන ගාල් කිරීමේ ස්ථානයක් ආරම්භ කරන්න.

එහිදි ඊට යාබදව තිබුන මේ කියන ඉඩම නිසා අපේ වැඩ බිමට මගේ පවුලේ අයට අයත් ඉන්ටර්නැෂල් කම්පැනියට බාධාවක් ව තිබුනා යාබදව තිබුන ඉඩම.මොකද කුඩුකාරයෝ අනිත් අය නිතරම එතැනින් ගමන් කරනවා කුඩු ගහන්න එනවා.

ඒ නිසා අර යාබද ඉඩමත් වට කරලා තහඩු ගසා තිබේනවා අපේ ඉදිකිරීම් අවසන් වන තුරු නැතුව අපි අල්ලලා නැහැ.

අනික පුත්තලම ප්‍රාදේශීය ලේකම් මගෙන් පලි ගන්න ඕනා නිසා අපිට ලියුම් ඒවා තිබුනා.එයා තමා මේ සේරම කරන්නේ යැයි ඔහු පවසන්නට විය.

මන්ත්‍රිවරයා නගන චෝදනා හා අදාල ඉඩමේ අයිතිය පිළිබදව පුත්තලම ප්‍රාදේශිය ලේකම් සම්පත් පියල් විරසේකර මහතා මෙලෙස පැවසීය.

“ මම මන්ත්‍රිතුමා සමග කිසිම තරහක් නැහැ මම කරන්නේ මට අයිති රාජකාරිය. මේ වන විට මන්ත්‍රිතුමා ඇතුළු පිරිස බදු අරන් තිබේන ඉඩමට යාබද පර්චස් 25 කට ආසන්න අධික වානිජ වටිනාකමකින් යුත් ඉඩම සම්පුර්ණයෙන් නීති විරෝධීව අත්පත් කරගෙන තිබේනවා එය වහාම නවත්වන්න කියලා මම මන්ත්‍රිතුමට දැනුවත් කර ලිපි යැවිම කලා.

නමුත් එතුමා තවමත් එම ස්ථානයෙන් ඉවත් නොවිම නිසා ඉහල නිළධාරීන්ට අදාල සිද්දිය දැනුවත් කිරීම කර තිබේනවා.

මෙය මා වගකිව යුත් ප්‍රාදේශීය ලේකම් සතු ඉඩම් ඒ නිසා මම නීතිය ක්‍රියත්මක කරන්න මැලි වෙන්නේ නැහැ යැයි ඔහු පවසන්නට විය.